
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටස් වෙළෙඳපොළේ(CSE) නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් රුපියල් මිලියන 17කට අධික මුදලක් තැන්පත්කරුවන්ට වංචා කළ වංචනික සමාගමක් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
වංචාකරුවන් කොටස් වෙළෙඳපොළ ආයෝජන සහ මූල්‍ය උපදේශන සේවා පොරොන්දු වෙමින්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කර ඇති නීත්‍යනුකූල මූල්‍ය සමාගමක් ලෙස පෙනී සිට ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ජ්‍යෙෂ්ඨ උප සභාපති (අලෙවිකරණ) නිරෝෂන් විජේසුන්දර පැවසීය.
මෙම වංචාව ව්‍යාජ ජංගම යෙදුමක් හරහා සිදුකර ඇති අතර එය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සිදුවෙමින් පවතින බව විශ්වාස කෙරේ.
“මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව රුපියල් මිලියන 17කට වඩා වංචා කර තිබෙනවා, නමුත් වින්දිතයන් සංඛ්‍යාව නිශ්චිතව තීරණය කිරීම දුෂ්කරයි,” විජේසුන්දර පැවසීය.
සැකකරුවන් කිසිවකු තවමත් හඳුනාගෙන නොමැති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය විමර්ශනය කිරීම ආරම්භ කර ඇත.
කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී විධිමත් ක්‍රියාපටිපාටි අනුගමනය කරන ලෙසත්, ඒ හා සමාන වංචාවන්ට ගොදුරුවීම වළක්වා ගැනීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා නිල උපදෙස් සහ ආයෝජන තොරතුරු සෘජුවම ලබාගන්නා ලෙසත් විජේසුන්දර ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart