
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් කාමර මිල කලාපයේ අනෙකුත් රටවලට වඩා 20% කින් ඉහළ මට්ටමක පවතින අතර, හෝටල් පවත්වාගෙන යාමට වැඩි මුදලක් වැයවීම සහ කාමරවල සීමාසහිත සැපයුම් ඊට හේතුවන බව වාර්තා වේ.
කෙසේවෙතත් HNB කොටස් තැරැව්කරුවන්ට අනුව, ශ්‍රී ලංකාවට මධ්‍යම පරාසයේ සහ ඉහළ පෙළේ සංචාරකයන් සඳහා තරඟකාරීත්ව සේවා සැපයීම සඳහා මෙමගින් දුෂ්කර වී තිබේ.
ශ්‍රී ලංකාවේ තරු පහේ කාමරවල සාමාන්‍ය පිරිවැය අනුපාතය ඩොලර් 160-240 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, තායිලන්තය වැනි සම කලාපිය තරඟකාරී රටවල එම මුදලට, සාපේක්ෂව පුළුල් පරාසයක සේවා පවතී.
විශේෂයෙන් වියට්නාමයේ හැනෝයි හි අඩුම මිල අනුපාතයක් ඇත්තේ අඩු පිරිවැය පදනම, කාමර සැපයුමේ බහුලත්වය සහ මිල සංවේදී දේශීය සංචාරකයන් දෙසට නැඹුරු වූ සංචාරක මිශ්‍රණයක් පැවතීම හේතුවෙන්ය.
මාලදිවයින එහි සුවිශේෂී නිවාඩු නිකේතන පාදක ආකෘතිය සහ දැඩි ලෙස පාලනය කරන ලද ධාරිතාව පිළිබිඹු කරමින් කලාපයේ ඉහළම කාමර මිල අනුපාත පවත්වා ගෙන යන බව HNB කොටස් තැරැව්කරුවන්ගේ වාර්තාව පවසයි.
ඉල්ලුම සම්බන්ධයෙන් සලකා බලමින් එම වාර්තාව පෙන්වා දෙන්නේ, සංචාරකයන්ගේ පැමිණීම්වල ස්ථාවර වර්ධනය සහ සීමිත නව සැපයුම ජනප්‍රිය නාගරික සහ නිවාඩු නිකේතන උප වෙළඳපොළවල් හරහා මෙරට තෝරාගත් හෝටල්වලට 70% හෝ ඊට වැඩි නේවාසික මට්ටම් කරා ළඟාවීමට ඉඩ සලසා ඇති බවයි.
2024 දී, රටපුරා සාමාන්‍ය නේවාසික අනුපාතය 45% ක් වූ අතර එය කොවිඩ් වසංගතයට පෙරට පැවැති තත්වයට වඩා 25%ක් අඩුය.
එම අනුපාත පෙර-වසංගත මට්ටම් වෙත ළඟාවීමට පෙර, මිල ගණන් වඩාත් තරඟකාරී විය යුතු අතර, අයවැය හෝ කෙටි සංචාර සඳහා පමණක් නොව, වැඩි වියදම් සිදු කරන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
කලාපය තුළ තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය වැනි රටවල් 70% ට වඩා වැඩි නේවාසික අනුපාත භුක්ති විඳි අතර, එයට විවිධාංගීකරණය වූ ඉල්ලුම් ප්‍රභවයන් සහ ආකර්ශනීය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාර මගින් ඊට සහය සපයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart