
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගොතටුව පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) අවවාදයක් කළැයි කෝපයට පත් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (19දා) සවස පොලිස් ස්ථානාධිපතිවරයාට බැණවැදී කාර්යාලයේ දොර වැරෙන් වසා අනවසරයෙන් පොලිසියෙන් බැහැරව යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වැදී ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය පදිංචි 24 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
පෙරේදා සවස මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරියේ යෙදී සිටියදී එම රාජකාරිය පසෙකලා ජංගම දුරකථනයෙන් වීඩියෝ නරඹමින් සිට ඇති බව පැවැසේ.
එහිදී වෙනත් නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයා ඒ ගැන ආධුනික පොලිස් කොස්තාපල්වරයාගෙන් විමසීමට යෑමේදී කෝපයට පත් ඔහු ස්ථානාධිපතිවරයාට බැණ වැදී පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ඇතැයි හෙළිව තිබේ.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර්ගෙන් ජනමාධ්‍ය විමසූ විට පවසා ඇත්තේ, නුගේගොඩ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරිවයකුගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් අරඹා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart