
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියේ නායකත්වයට සූර්ය කුමාර් යාදව් පත්කරමින් ඉන්දීය පන්දුවාර විස්ස සංචිතය නම්කර තිබේ.
එහි උපනායකත්වය සුබ්මන් ගිල්ට හිමිව ඇති අතර නායකත්වයට නම් කිරීමට සිටි හර්ඩික් පාන්ඩ්‍යා ද එම සංචිතයට ඇතුළත් වේ.
පන්දුවාර විස්ස සංචිතය : සුර්යකුමාර් යාදව්, සුබ්මන් ගිල්, යසස්වි ජයිස්වාල්, රින්කු සිංග්, රිෂාබ් පන්ට්, සන්ජු සැම්සන්, හර්ඩික් පාන්ඩ්‍යා, ෂිවම් ඩුබේ, අක්ෂාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්,රවි බිෂෝනි, අර්ෂදීප් සිංග්, කලීල් අහම්ඩ් සහ මොහාමඩ් සිරාජ්.
එමෙන්ම පන්දුවාර විස්ස පිටියෙන් සමුගත් රෝහිත් ෂර්මා එක්දින නායකත්වයට පත්කර ඇති අතර විරාට් කෝලි, කේ.එල්.රාහුල්, රිෂාබ් පන්ට්, සුබ්මන් ගිල්, ශ්‍රෙයියස් අයියර්,ෂිවම් ඩුබේ, වෝෂින්ටන් සුන්දර් ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලියට පැමිණෙන කණ්ඩායම නම්කර තිබේ.
ඊට අමතරව, රියාන් පරග්, අක්ෂාර් පටෙල්, කුල්දීප් යාදව්, අර්ෂදීප් සිංග් මෙන්ම මොහොමඩ් සිරාජ් ඊට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart