
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සිද්ධියට අදාළ නීතිවිරෝධී ලෙස එකලස් කළ බව සුඛෝපභෝගී ජීප් රථය තමන් විසින් මිලදී ගැනීමට පෙර වසර 11 ක් තුළ පුද්ගලයන් 14 දෙනකු විසින් හිමිකාරීත්වය දරන ලද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සජීවීව විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, තමන් මිලදී ගැනීමට පෙර එම ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සහ ඇගේ ස්වාමියා විසින් වසර 03 ක් පුරා භාවිත කර ඇති බවයි.
තමන්ගේ හිමිකාරීත්වය සහිත තවත් වාහන පවතින බැවින්, ඒවා සම්බන්ධයෙන් ද ගැටලු සහගතභාවයන් පවතින්නේ දැයි තමන් නොදන්නා බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
ඒවා සම්බන්ධයෙන් ද සොයාබැලීමට සිදුවේයැයි නිවේදකයා පැවසූ විට මන්ත්‍රීවරයා කියාසිටියේ ” හොයන්න ඕනේ නෑ. අරන් යයිනේ ඇවිල්ලා” යනුවෙනි.
පුද්ගලයකුට මෙරට තුළ වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් මේ දක්වා රේගුවට, ආගමන විගමන දෙපාර්තමේන්තුවට හෝ රසපරීක්ෂක වෙත යොමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා එම වැඩසටහනේ දී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart