
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා මොහොමඩ් දැඩි විවේචනයට ලක්ව සිටී.
ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, රෝහිත් ශර්මා ක්‍රිකට් ක්‍රීඩකයකුට නොගැලපෙන මහතකින් යුතු අතර, ඔහු ‘ඉන්දියානු ඉතිහාසයේ වඩාත්ම ආකර්ෂණීය නොවන’ නායකයා බවයි.
“රෝහිත් ෂර්මා ක්‍රීඩකයකුට නොගැලපෙන ලෙස මහතයි! බර අඩු කර ගත යුතුයි! ඇත්ත වශයෙන්ම, ඉන්දියාවට මෙතෙක් ලැබී ඇති වඩාත්ම ආකර්ෂණීය නොවන නායකයා!” ඇයගේ දැන් මකාදමා ඇති එම සටහන ඔස්සේ පවසා තිබිණි.
කෙසේවෙතත් මෙම සටහනට පුළුල් ලෙස ප්‍රතිචාර ලැබුණු අතර, පක්ෂය ඉක්මණින් මැදිහත් වී එය මකා දමන ලෙස අයගෙන් ඉල්ලා සිටියේය. පසුව ඇය සටහන ඉවත් කර තිබිණි.
ඇගේ මෙම අදහස්වලට වහාම භාරතීය ජනතා පක්ෂ නායකයන්ගෙන් සහ ක්‍රිකට් රසිකයන්ගෙන් දරුණු ප්‍රතිචාර ලැබිණි.
බොහෝදෙනා ඇයට එරෙහිව අදහස් දක්වමින් දෝෂාරෝපණය කර තිබිණි.
කෙසේවෙතත් ෂාමා මොහොමඩ් ඇගේ ප්‍රකාශය ආරක්ෂා කරමින් කියාසිටියේ, ඇගේ ට්වීට් සටහන ක්‍රීඩකයාගේ ‘ශරීරය ලැජ්ජාවට පත්කිරීමේ’ අවස්ථාවක් නොව ක්‍රීඩකයෙකුගේ යෝග්‍යතාවය පිළිබඳ සාමාන්‍ය නිරීක්ෂණයක් බවයි.
“ඒක ශරීරය ලැජ්ජාවට පත්කිරීමක් නොවේ. මම සැමවිටම විශ්වාස කළේ ක්‍රීඩකයකු යෝග්‍ය විය යුතු බවත්, ඔහු ටිකක් බරින් වැඩි බව මට හැඟුණු බවත්, ඒ නිසා මම ඒ ගැන ට්වීට් කළා,” ඇය විවේචනවලට එරෙහිව ප්‍රතිචාර දක්වමින් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart