
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන රජයට අත්‍යවශ්‍යව සිටි චෝදනා ලැබූ චීන ජාතිකයන් පස්දෙනකු 26 වැනිදා රාත්‍රියේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ආගාමික හා විගාමික පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙරට විවිධ ප්‍රදේශවල සැඟවී සිටි මෙම පිරිස, චීන රජයේ දැනුම්දීමකට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව මෙලෙස පිටුවහල් කර ඇත.
මෙරට ආගමන විගමන නිලධාරීන් 08 දෙනකුගේ දැඩි රැකවරණය යටතේ ගුවන් යානා දෙකකින් මොවුන් චීනය බලා රැගෙන ගොස් තිබේ.
ඒ අනුව, සැකකරුවන් තිදෙනකු නිලධාරීන් පස්දෙනකු සමඟ එදින රාත්‍රී 8.50ට චයිනා ඊස්ටර්න් (MU-6018) ගුවන් යානයෙන් ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් ඇති අතර, ඉතිරි සැකකරුවන් දෙදෙනා නිලධාරීන් තිදෙනකු සමඟ රාත්‍රී 10.25ට එයාර් චයිනා (CA-426) ගුවන් යානයෙන් චෙංඩු නුවර බලා පිටුවහල් කර ඇත.
පිටුවහල් කෙරුණු මෙම පස්දෙනා චීන ආගමන විගමන බලධාරීන් වෙත භාරදීමට ශ්‍රී ලංකා නිලධාරීන් කටයුතු කර ඇති අතර, මේ සඳහා වැය වූ සියලු ගුවන් ගමන් ගාස්තු චීන රජය විසින් දරා තිබීම විශේෂත්වයකි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart