
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගයේ කඩුවෙල මහ නගර සභාවේ බොරළුගොඩ කොට්ඨාස අපේක්ෂක ආර්.එම්. ඩබ්. ලක්ෂමන්ගේ නිවසට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු ඔහුට අයත් ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 180,000ක මුදල් සහිත පසුම්බිය රැගෙන පළාගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, පැමිණිලිකරු ඔහුගේ නිවස තුළ සිටියදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසමින් පැමිණි සැකකරුවන් පැමිණිලිකරු ආණ්ඩුවට විරුද්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළකරන බව පවසා ඔහුට අයත් ජංගම දුරකතන 02 ක් ලබාගෙන හැඳුනුම්පත ද ඉල්ලා ඇති බවයි.
හැඳුනුම්පත ලබාදීමට යෑමේදී සැකකරුවන් පිස්තෝලයක් වැනි යමක් පෙන්වා මුදල් පසුම්බිය කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.
සොරාගත් භාණ්ඩ සහ මුදල්වල වටිනාකම රුපියල් 265,000 ක් බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart