July 11, 2026

රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය තුළට නීති විරෝධීව ඇතුඑ වී මීමැසි ජනපදයක් විනාශ කළ පුද්ගලයකු වනජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැඩි රක්ෂිතයකට බලපත්‍ර නොමැතිව ඇතුළුවීම, සත්ව වාසස්ථාන හානි කිරීම යන චෝදනා යටතේ චූදිත පුද්ගලයාට විරුද්ධව ලබන 16 දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.