
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු අප්‍රිකානු සම්භවයක් ඇති තරුණයෙක්ට පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් පදනම් කරගෙන ප්‍රංශය ගිනිගෙන තිබේ.
මෙම සිදුවීම රැයකින් ප්‍රංශය පුරා කැරලි පැතිරී ගොස් ඇත. එමනිසාම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ හදිසි රැස්වීමකට කැඳවා ඇත.
ප්‍රංශයේ නගර රැසක මහජනයා කෝපයෙන් වීදිවලට පැමිණීමත් සමඟ, පොලිසිය විසින් රටපුරා 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු ඇමැති ජෙරල්ඩ් ඩර්මනින් සඳහන් කරයි.
පැරිසියේ බටහිර මායිමේ පිහිටි කම්කරු පන්තිය වාසය කරන නගරයක් වන නන්ට්රේ (Nanterre) හි නහෙල් නැමැති 17 හැවිරිදි තරුණයාට වෙඩි තැබීමත් සමඟ මෙසේ ජනතාව නොසන්සුන් වී ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවට අනුව, මෝටර් රථයක් අසල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටින අතර, ඔවුන් රථයේ රියදුරා ඉවතට අදින විට වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි තබා මද වේලාවකට පසු තුවාල හේතුවෙන් ඔහු මිය ගිය බව ප්‍රාදේශීය බලධාරීහු සඳහන් කරති.
මේ වන විට ආරක්ෂාව සඳහා පැරිසියේ පොලිස් නිලධාරීන් 2,000ක් පමණ යොදවා ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
තරුණයා සිය මෝටර් රථය නැවැත්වීමට කළ නියෝගය පිළිපැදීමට අපොහොසත් වීම, වෙඩි තැබීමට හේතුව ලෙස පොලිසිය සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart