
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇස්වැසුම යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් බොහෝදෙනෙකු ප්‍රතිලාභීන් ලෙස ඇතුළත් කර නොමැති අතර සුදුසුකම් නොමැති පුද්ගලයන් විශාල පිරිසක් ප්‍රතිලාභීන් ලෙස ඇතුළත් කර ඇති බැවින් එම ක්‍රියාවලිය තුළ දෝෂ රැසක් පවතින බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවට පැවසීය.
කෙසේවෙතත්, මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියපෙරුම කියාසිටියේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ තොරතුරු විශ්වාස කළ නොහැකි බවයි.
එහෙත් ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වාදෙන්නේ මුදල් පිළිබඳ කාරක සභාවේ සිදුකළ විමර්ශනවලදී එම තොරතුරු අනාවරණය වූ බවත් එහි මුද්‍රිත පිටපත් කඩිනමින් මන්ත්‍රීවරුන් අතර බෙදාහරින බවයි.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව මගින් සංවිධානය කරන ලද මෙම ඉදිරිපත් කිරීම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉතා සුළු පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇති බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart