
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල නොවන ලුණු විකිණීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැල් ජාලයකට සහ ප්‍රකට නිෂ්පාදක සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක මුළු දඩ මුදලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
SLSI 80:2019 ප්‍රමිති පිරිවිතරයන්ට අනුකූල නොවන ලුණු වෙළඳපොළට නිකුත් කරමින් පාරිභෝගිකයන් නොමඟ යැවීමේ වරදට, අධිකරණය විසින් 2026 ජූනි මස 17 වන දින මෙම සමාගම් දෙකට රුපියල් 100,000 බැගින් දඩ නියම කර තිබේ.
කුඩු ලුණු නිෂ්පාදනයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව පවරා තිබිණි.
කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල් පරිශ්‍රයක සිදුකළ වැටළීමකදී ලබාගත් සාම්පල රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති අතර, එම නිෂ්පාදනය නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බව එහිදී තහවුරු වී ඇත.
ඒ අනුව, පාරිභෝගිකයන් නොමඟ යැවීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 30 සහ 31 වගන්ති යටතේ නිෂ්පාදකයාට සහ බෙදාහරින්නාට එරෙහිව චෝදනා එල්ල වූ අතර, එහිදී සමාගම් දෙකම වැරදිකරුවන් බව අධිකරණය තීන්දු කර තිබේ.
ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන අලෙවි කරන වෙළෙන්දන් සහ නිෂ්පාදකයන් පිළිබඳව තොරතුරු පවතී නම්, කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය අමතා ඒවා වාර්තා කරන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart