
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඇතුළු රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ පැවරීම පිළිබඳ ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ මහ මැතිවරණය අවසන් වනතුරු රජය විසින් අත්හිටුවා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය රජය විසින් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පිහිටුවා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රීලන්කන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කජු සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය වාණිජ ව්‍යාපාර 130ක් විකිණීමට සැලසුම් කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය බලයට පත්වීමත් සමඟම එම ඒකකයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය.
මෙම ඒකකය පිළිබඳ තීරණය ගැන විමසූ විට නව රජයේ ඉහළ නිලධාරියකු පවසා තිබුණේ එම ඒකකය සම්බන්ධයෙන් හෝ රජය සතු ඕනෑම ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් මහ මැතිවරණය අවසන් වූ පසුව ගන්නා බවයි.
ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණය 2024 නොවැම්බර් 14 වැනි දින අවසන් වේ.
එම නිලධාරියා පවසා ඇත්තේ ජාතික ගුවන් සේවය විකුණා නොදමන නමුත් රජය විසින් මෑතකදී පත් කරන ලද නව කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර නව සංවර්ධන ආකෘතියක් ගෙන එන බවයි.
මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ ඉන්දීය – රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට ද පසුගිය රජය තීරණය කර තිබිණි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන වාණිජ ගිවිසුම සඳහා නීතිපතිවරයා තවමත් කැමැත්ත ලබා දී නොමැත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී ඉදිකරන ලද මෙම ගුවන් තොටුපළ අමෙරිකානු ඩොලර් මිලියන 209ක ව්‍යාපෘතියකි.
මීට අමතරව , කොළඹ – රත්නපුර අධිවේගී මාර්ගය සහ කුරුණෑගල මහනුවර සහ දඹුල්ල යා කරන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි සහ හතරවැනි අදියරේ ඉදිකිරීම් පිළිබඳ නව රජය තවමත් ඉදිරි පියවර සළකා බලා නැත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ වැඩකටයුතු සම්බන්ධයෙන් ද තවමත් සළකා බලා නැත්තේ චීනයේ EXIM බැංකුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු තවමත් මුදල් ලබාදී නොමැති බැවිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart