
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව කිසිදු අධිකරණයක් හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ(09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කතාථායකවරයා මේ බව දැනුම්දුන්නේ, පෙරේදා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයකට අදාළව සිය තීරණය ප්‍රකාශයට පත්කරමිනි.
එහිදී, සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් විමසා සිටියේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) වැඩසටහන යටතේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව අධිකරණයේ නඩුවක් විමසිය හැකිද යනුවෙනි.
සේවක අර්ථසාධක අරමුදලේ රජයේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අවම වශයෙන් කණ්ඩායම් දෙකක් මේ වන විට අධිකරණයට ගොස් තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ IMF සමඟ පවතින ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අප්‍රේල් 28 වැනිදා ඊට අදාළ යෝජනාව සම්මත වූ බව ඇමැති ප්‍රනාන්දු පෙන්වාදුන්නේය.
ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අනුමත කිරීමේ යෝජනාවකටද ඡන්දය දී එය සම්මත කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන පරිදි පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලතලවලට අදාළ කිසියම් කරුණක් අධිකරණයකදී අභියෝගයට ලක් කළ හැකිද, ප්‍රශ්න කිරීමට හෝ තීරණය කළ හැකිද, එසේත් නැතිනම් එවැනි ක්‍රියාවලියක් බලතලවලට ඇඟිලි ගැසීමට සමාන වන්නේද යන්න පිළිබඳ තීන්දුවක් කතානායකවරයා විසින් ලබාදිය යුතුය යන්න ඇමැතිවරයා අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් පළකළ කථානායකවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් අධිකරණයක් හමුවේ එය ප්‍රශ්න කිරීමේ හැකියාවක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart