
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ සයිබර් වහල් කඳවුරුවලින් බේරාගත් ශ්‍රී ලාංකිකයන් 8 දෙනා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
යු.එල් 403 දරණ ගුවන් යානයෙන්තා යිලන්තයේ සිට අද (18) උදෑසන කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ඔවුන් පැමිණ තිබිණි.
කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළු මෙම ශ්‍රී ලාංකිකයන් අට දෙනා සංක්‍රමණිකයන් සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ (IOM) සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබිණි.
Myawaddyහි සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 56 දෙනාගෙන් 8 දෙනෙකු මියන්මාර රජයේ බලධාරීන් විසින් මාර්තු මස මුලදී බේරාගෙන Myawaddy මධ්‍යම පොලිස් ස්ථානය වෙත යොමුකර තිබිණි.
පසුව ඔවුන් අප්‍රේල් මස 11 වැනිදා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආරක්ෂිතව පැමිණ තිබිණි.
ලාභදායි තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදීමේ ව්‍යාජ අරමුණ ඇතිව සංචාරක වීසා ලබා දී කුප්‍රකට ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායමක් විසින් මියන්මාරයේ වහල්භාවයේ තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 60කට ආසන්න පිරිසකගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ 2023 දෙසැම්බරයේදී ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්තරා නියෝජිතයකු විසින් ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා සයිබර් වංචාවන් සඳහා බලකෙරුණු Myawaddyහි සයිබර් වහල් සේවය සඳහා එම පිරිස මියන්මාරයට ප්‍රවාහනය කර තිබේ.
ඔවුන් විසින් ලබා දී ඇති ප්‍රකාශවලට අනුව මුදල් සොරකම් කිරීම සඳහා විදේශිකයන්ට ප්‍රේමවන්තයන් ලෙස පෙනී සිටීමට ඔවුන්ට බල කර ඇත.
ඔවුන් පවසන පරිදි එය සිදු කිරීම ප්‍රතික්ෂේප කළහොත් විදුලි සැර වැද්දවීම, අත්වලින් එල්ලීම සහ කුසගින්නනේ තැබීම වැනි වධ හිංසාවලට ලක්කර තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart