
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් ලැබෙමින් පවතී.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ විවිධ පාර්ශ්වවලින් මෙවැනි ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, එය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වැඩි වී ඇති බවත්ය.
2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ වත්කම් බැරකම් ප්‍රකාශ වෙනස්කිරීමට ඉඩක් ලබා දී තිබේ.
එහෙත් එය පුළුල් ලෙස අදාළ වන්නේ ලබන වසරේ සිට මේ තොරතුරු සියල්ල විද්‍යුත් පද්ධතියකට එකතු කිරීමෙන් පසුවය.
දැනට ලැබෙන ඉල්ලීම්වල සාධාරණ-අසාධාරණ බව සලකා අවශ්‍ය පියවර ගැනීමේ බලය කොමිසමට තිබෙන බව මේ පිළිබඳව කළ විමසීමකදී එහි නීති අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අවශ්‍ය ඕනෑම අයකුට මෙසේ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමට ඉල්ලීම් කළ හැකි බවත්, එහෙත් එම සංශෝධන සිදුකිරීමට කොමිසම නිත්‍ය වශයෙන් බැඳී නැති බවත් පැවසූ එම ප්‍රකාශකයා, ඉල්ලුම්කරු එම වෙනසට හේතුව අනිවාර්යයෙන්ම දැක්විය යුතු බවද පෙන්වා දුන්නේය. මීට අමතරව අදාළ ලියකියවිලි ඉදිරිපත් කර දින 14ක් තුළ ඒවා වෙනස් කිරීමටද අවසරයක් ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය වැඩි වීමත් සමඟ රාජ්‍ය සේවකයන් ඇතුළු විවිධ පාර්ශ්ව වසර මැදදී මිල දී ගන්නා වත්කම්, ආයතන ප්‍රධානීන් මඟින් කොමිසම නමට යොමු කළ තම ප්රකාශනවලට ඇතුළු නොකළ හොත් ගැටලු මතු විය හැකි බවට මතයක් නිර්මාණය වෙමින් තිබේ. එබැවින් මෙසේ කොමිසමෙන් අදාළ ප්‍රකාශන වෙනස් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පෙලඹී ඇත.
මේ අතර ලබන වසරේ සිට මේ ප්‍රකාශන මහජනතාවගේ පරිශීලනයට ලබාදෙන ආකාරයේ වෙනස්කම් සිදු කළ යුතුද යන්න සම්බන්ධයෙන්ද කොමිසම මේ දිනවල අදහස් විමසමින් සිටී. ඒ අතර පෞද්ගලිකත්වය වෙනුවෙන් රහසිගතභාවය ආරක්ෂා කළ යුතු තොරතුරු මොනවාද, දැනට එසේ ආරක්ෂා කරන තොරතුරු ප්‍රමාණවත්ද හෝ එම සීමා හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට බලපෑමක් එල්ල වන්නේද යන්න සාකච්ඡාවට බඳුන් වී ඇත. කෙසේ වෙතත් එම කටයුතු සියල්ල සිදු කිරීමේදී කොමිසම අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් සිටී.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart