
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ප්රමුඛ පෙළේ මහා සංඝරත්නය සහ සංවිධාන කිහිපයක් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙලෙස අතරමැදි පෙත්සම් ගොනුකර ඇත්තේ ආචාර්ය ගුණදාස අමරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය දාපනේ සුමනවංශ හිමි, දිඹුලාගල රාහුලාලංකාර හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය (Global Sri Lankan Forum) විසිනි.
දැනට විභාග වෙමින් පවතින මෙම රිට් අයදුම්පතේ වගඋත්තරකාර පාර්ශ්වයන් ලෙස තමන්ව ද ඇතුළත් කර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
තමන් ඉදිරිපත් කළ පෙත්සම් මඟින් මෙම අතරමැදි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, මේජර් ජෙනරාල් සලේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සඳහා පදනම් කරගෙන ඇති චෝදනා දැනටමත් නිල පරීක්ෂණවලට භාජනය වී ඇති බවත්, එම චෝදනාවල විශ්වසනීයත්වය පිළිබඳව එම පරීක්ෂණ මඟින් අහිතකර නිගමනවලට එළඹ ඇති බවත්ය.
‘චැනල් 4’ වාර්තා වැඩසටහන පදනම් කරගෙන ගොඩනගා ඇති ප්රකාශයන්හි විශ්වසනීයත්වයක් නොමැති බව නිල විමර්ශනවලදී හෙළි වී ඇති බවත්, අදාළ කාලසීමාව තුළ සලේ ශ්‍රී ලංකාවේ රැඳීනොසිටි බව එම පරීක්ෂණ මඟින් තහවුරු කර ඇති බවත් ඔවුහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
පෙත්සම්කරුවන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බොහෝ නිල විමර්ශනවලදී, එහි වගකීම සහරාන් හෂීම් සහ ඔහුගේ ජාතික තවුහිත් ජමාත්/අයිසිස් (ISIS) සංවිධානයට සම්බන්ධ ජාලය වෙත නිරන්තරයෙන් පැවරුණු බවත්, එහිදී කිසිදු අයුරකින් සුරේෂ් සලේ සම්බන්ධ බවට චෝදනා එල්ල වී නොමැති බවත්ය.
එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ SC FR 163/2019 මූලික අයිතිවාසිකම් පෙත්සම සහ ඊට අදාළ සෙසු නඩුවලදී සුරේෂ් සලේ ද එක් පාර්ශ්වයක්ව සිටියද, ඔහුට එරෙහිව කිසිදු අහිතකර නිගමනයකට ශ්‍රේෂ්ඨාධිකරණය එළඹ නොතිබූ බව ද පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart