
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා විසඳීමට වහාම මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපතිවරයාට උපදෙස් දී ඇත
ඒ, පාතාලය මර්දනය කරන නිලධාරීන්ට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩු සහ අත්අඩංගුවට ගැනීමේ නියෝග ඉවත්කර දෙන්නැයි ආරක්ෂක ප්‍රධානීන් කර ඇති ඉල්ලීමකට අනුවය.
මේ බව අනාවරණය වී ඇත්තේ, පසුගිය සතියේ ජාතික ආරක්‍ෂක කවුන්සිලය රැස්වී රටේ හිස ඔසවන පාතාලය මර්දනය කිරීමට ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදීය.
රට තුළ හිස ඔසවමින් පවතින පාතාලය මැඩළීම සඳහා වහාම ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම හමුවේදී පොලිස් විශේෂ කාර්‍යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පෙන්වා දී ඇත්තේ, මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින් පාතාලය මර්දනයට කැපවූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට එරෙහිව දැනටමත් නඩු 17ක් විභාග වෙමින් පවතින බවයි.
ඇතැම් නිලධාරීන් පාතාල මර්දන මෙහෙයුම්වලින් ඉවත්ව ඇත්තේ අධිකරණයේ නඩු ප්‍රමාදවීම නිසා බවද එහිදී අනාවරණ වී ඇත.
එවැනි නිලධාරීන්ට එරෙහිව අපරාධකරුවන් ගොනුකරන නඩු සඳහා තමන්ගේ වියදමින් නීතිඥයන් සොයාගැනීමට සිදුවී ඇති බව ප්‍රකාශ වී තිබේ.
ජාතික ආරක්‍ෂක කවුන්සිල රැස්වීමේදී නීතිපතිවරයා පොරොන්දු වී ඇත්තේ තමාගේ මැදිහත්වීමෙන් මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart