
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාකීර්ණ ස්ථානයක් වන දෙහිවල දුම්රිය ස්ථානයේ පවතින අනාරක්ෂිත තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වට තාප්පය දිගු කිරීම, දුම්රිය මගීන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය පහසු කිරීම, ආබාධිත මගීන් සඳහා පහසුකම් සැලසීම සහ තවත් පහසුකම් කිහිපයක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඔහු එම අදහස් පළකළේ එම දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු සොයාබැලීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් හා අනුමැතිය අනුව දුම්රිය ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒවායෙහි නිරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවත්, දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ බස් රථ විශාල ප්‍රමාණයක් නවතා ඇති බැවින් මෙම බස් රථවලින් පැමිණෙන මගීන්ට නිසි විවේකාගාර පහසුකම් නොමැති බව හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවැසීය.
මීට අමතරව, සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ ආර්ථික ප්රතිලාභ ලබාගැනීමේ අරමුණින් යුතුව, විශාල පිරිසක් පැමිණෙන දෙහිවල දුම්රිය ස්ථානයට නිසි විවේකාගාර පද්ධතියක් ලබාදෙන බව ද ඔහු පැවසුවේය.
සංචාරකයන් සඳහා මහජන හිතකාමී පහසුකම් සහිත ආහාර අලෙවිසැල් ඉදිකිරීමට පියවර ගන්නා බවද පැවසූ අමාත්‍යවරයා, මේ සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇති අතර එය සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන බවද පැවසීය.
දෙහිවල දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බවත් අදියරෙන් අදියර අවසන් කරන බවත් ප්‍රවාහන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart