
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද (13) දින එම මාර්ගයේ දුම්රිය ධාවනය නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම දුම්රිය වායුසමනය කළ සුඛෝපභෝගී මැදිරිවලින් සමන්විත වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
කිලෝමීටර 48.5ක් දිගැති අනුරාධපුර – වවුනියාව මාර්ගය ඉන්දීය ණය මාර්ගයකට යටත් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් හරහා මෙසේ ප්‍රතිසංස්කරණය කර ඇත.
මෙම මාර්ගයේ යාල්දේවි, උදයදේවි සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ලබන සෙනසුරාදා (15) සිට ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart