
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට රට තුළ පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීම සඳහා ජුනි මාසය වන විට සැලැස්මක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ටජය කැමැත්ත පළකර ඇත.
පවතින ආර්ථික තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ක්‍රමානුකූලව සීමා ලිහිල් කරන බවට රජය මෙලෙස පොරොන්දු වී ඇත්තේ යුරෝපා සංගමයට ය.
පසුගිය අප්‍රේල් 25 වැනි දින පැවැති ශ්‍රී ලංකා – යුරෝපා සංගමයේ ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය අතරතුර මෙම පණිවිඩය ප්‍රකාශ කරන ලදී.
කොරෝනා වයිරස් වසංගතයේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව 2020 අග භාගයේදී ආනයන තහනමක් පැනවූ අතර පසුව ආර්ථික අර්බුදය හේතුවෙන් තහනම දීර්ඝ කළේය.
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවා වන යුරෝපා සංගමය, එතැන් සිට මෙම තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇති අතර, තම වෙළඳ හවුල්කරුවන්ට අසාධාරණයක් ලෙස සලකනු ලබන ආරක්ෂණවාදී වෙළඳ ප්‍රතිපත්තිවලින් ඉවත් වන ලෙස නැවත නැවතත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
මාර්තු මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ද අනාවරණය කළේ ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක වන ආනයන සහ හුවමාරු සීමාවන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බවයි.
IMF දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි (Masahiro Nozaki) පැවසුවේ ගෙවුම් ශේෂයට (BOP) සම්බන්ධ ආනයන සීමා කිරීම් සහ හුවමාරු සීමාවන් පියවරෙන් පියවර ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සැලැස්මක් සකස් කරන බවයි.
මසහිරෝ නොසාකි අනාවරණය කළේ එම සැලැස්ම 2023 ජුනි මාසය වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart