
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසරකට වැඩි කාලයක් තිරප්පනේ ප්‍රදේශයේ නිතර ගැවසෙන අග්බෝ නමින් ප්‍රසිද්ධ හස්තියා අල්ලා රක්ෂිත වනාන්තරයකට මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ අනුරාධපුර සහකාර වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සේවකයෙකුට ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන ඇතාගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පොලිසිය ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මෙම නියෝගය නිකුත් කළේය.
ආරක්‍ෂා කළ යුතු මෙම දළ ඇතා ජනතාවගේ ආදරයට ලක්විය යුතු නමුත්, ඇතාට ගම්වලට ගොස් වගාබිම් හා දේපළ විනාශ කිරීමට ඉඩ හැරියහොත් උගේ ජීවිතයට අනතුරක් විය හැකි බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම ඇතාගේ ජීවිතයට හෝ මිනිස් ජීවිතවලට සිදුවිය හැකි අනතුරක් වළක්වා ගැනීම සඳහා රක්ෂිත වනාන්තරයකට මුදාහරින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස පොලිස් නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන ඇතාගේ ඡායාරූප ගත් සැකකරුට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart