
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම එම පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත.
සමගි ජන බලවේගයේ වර්තමාන ගමන්මග සහ තම පෞද්ගලික අදහස් තවදුරටත් නොගැලපෙන බව ප්‍රකාශ කරමින් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකර ඇත.
සජබ වැලිගම සංවිධායක සහ වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම 2025 දෙසැම්බර් 6 දාතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකරන ලද මෙම ලිපියෙන් තම තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මේ වන විට හුදු අර්ථශූන්‍ය ප්‍රහසන බවට පත්ව ඇති බවත්, තමා ඉදිරියට ස්වාධින දේශපාලන ගමනක නිරතවන බවත් රෙහාන් ජයවික්‍රම සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart