
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිසිදු සාධාරණ හේතුවකින් තොරව වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිගෙපොළ ප්‍රාදේශිය ලේකම් අනුරාධ ජයකොඩිව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මාරුකිරීමට විරෝය දක්වමින් ඊයේ (14) ඇඹිලිපිටිය ප්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාවට ප්‍රදේශවාසිහුු සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි සහ එම දිස්ත්‍රික්කයේම ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ යන නිලධාරීන් දෙදෙනා කිසිදු චෝදනාවක් නොමැතිව වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට කැදවා ඇති බව පසුගියදා වාර්තා විය.
මෙම ස්ථානමාරු දෙකේ ඉලක්කය වී ඇත්තේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත් රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය බව පැවසේ.
මෙම ස්ථාන මාරුවට විරෝදය පළකර පසුගියදා වැලිගෙපොළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටද විරෝධතාවයක් පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart