November 28, 2025

අධික වර්ෂාපතනය සහ ඉහළ ජල පෝෂක ජලාශවලින් ජලය මුදාහැරීම වැඩිවීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ කැළණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ සඳහා රතු මට්ටමේ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ යන ප්‍රදේශ අවදානම් සහිත ප්‍රදේශ වේ.

මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත්, ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ඉල්ලා සිටී.

බලපෑමට ලක් වූ ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී දැඩි ප්‍රවේශම් වන ලෙසත් මෝටර් රථ හිමියන්ට සහ මගීන්ට ද උපදෙස් දෙනු ලැබේ.