
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් පසු නුවරඑළිය රේන්දපොළ ජනාවාසයේ සිදු වූ නායයෑමකින් විපතට පත් වාහන හිමියන්, මඩ යට වැළලී ගිය වාහන කිහිපයක් නැවත ගොඩ ගැනීමට අදාළ බලධාරීන්ගෙන් සහාය ඉල්ලා තිබේ.
විපතට පත් පදිංචිකරුවකු වන යෝගනාදන් ආනන්ද මූර්ති පවසන පරිදි, පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා රාත්රියේ සිදු වූ නායයෑමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ප්රදේශයේ නිවාස ගණනාවක් විනාශ විය.
මාර්ගයේ නවතා තිබූ වෑන් රථයක්, ලොරි රථයක්, ත්රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද ගසාගෙන ගොස් සුන්බුන් යට වැළලී ගොස් තිබේ.
ත්රිරෝද රථයක් සහ යතුරුපැදියක් පසුව සොයා ගත්තද, එම වාහන දෙකටම දැඩි ලෙස හානි වී තිබූ බවත් ඒවා තවදුරටත් භාවිතයට ගත නොහැකි බවත් මූර්ති පැවසීය.
පස් යට වැළලී තිබූ ඔහුගේ වෑන් රථය සහ තවත් ලොරියක් නැවත ලබා ගැනීමට සහාය වන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කළද එම උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇත.
ගොඩගැනීමේ කටයුතු සඳහා සැළකිව යුතු මුදලක් වැය කළද, ඒවා කොටස් කර විකිණීම හැර වෙනත් විකල්පයක් දැන් තමාට ඉතිරිව නොමැති බවත්, බලපෑමට ලක් වූ වාහන හිමියන්ට සහාය ලබා දීමට මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart