
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 61ක වාර්තාගත ආදායමක් උපයා තිබේ.
මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදන අංශ අතරින් සුරාබදු දෙපාර්තමේන්තුව තුන්වැනි ස්ථානයේ පසුවන අතර 2025 සඳහා රුපියල් බිලියන 242ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කර ඇත.
මෙම ඉලක්කයෙන් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී රට පුරා මත්පැන් අලෙවියෙන් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 61.3ක් උපයා ඇත.
වාර්ෂික ඉලක්කයෙන් පළමු කාර්තුව සඳහා ඉලක්කය වී තිබුණේ රුපියල් බිලියන 42කි.
සුරාබදු ප්‍රධානී යූ. එල්. උදය කුමාර පැවසුවේ මෙය 127%ක ප්‍රගතියක් බවයි.
ඉලක්කය සපුරා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ අවංක කැපවීම අගය කරණ බව ද ඔහු සඳහන් කළේය.
ව්‍යාජ මත්පැන් වෙළඳපොළට ඇතුළුවීම අධෛර්යමත් කිරීම සඳහා බෝතල් මූඩිවලට ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට දෙපාර්තමේන්තුව ගත් පියවර ආදායම වැඩි කර ගැනීමට බෙහෙවින් ඉවහල් වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart