
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් ලබා අධිකරණයට අවශ්‍යව සිටින අර්ජුන මහේන්ද්‍රන් යළි ගෙන්වා ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඊයේ (18) පැවති ජන හමුවකට එක්වෙමිනි.
අනුර කුමාර සඳහන් කළේ මේ වනවිට ඔහු සිංගප්පූරුවේ සැඟවී සිටින බවයි.
ඔහුට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ බවට ඔහු පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබු බව ද අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
ඒ අනුව තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහු මෙරටට ගෙන්වා අදාළ ප්‍රකාශය අධිකරණය හමුවේ සාක්ෂියක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බව ද අනුර කුමාර දිසානායක පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart