
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනී ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ පෞද්ගලික දුරකථන අංක එක්සත් ජනපද වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් දෙදෙනාගේම පෞද්ගලික සම්බන්ධතා තොරතුරු එම වෙබ් අඩවියේ ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇත.
අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ කාර්යාලය තත්වය පිළිබඳව දැනුවත් අතර එය මුලින්ම වාර්තා කළේ ස්වාධීන ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් වන එට් මීඩියා මගින් බව පැවසේ.
ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක සුසන් ලේගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඔහුගේ පෞද්ගලික අංකය ද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම කාරණය පැහැදිලිවම කනස්සල්ලට කරුණක් බවයි.
එබැවින් ඔවුන් එම තොරතුරු ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු පැවසුවේය.
අදාළ වෙබ් අඩවිය පවසා ඇත්තේ මිලියන සිය ගණනක් වෘත්තිකයන්ගේ සම්බන්ධතා තොරතුරු ඔවුන් සතු බව සහ බඳවා ගන්නන් සහ විකුණුම් නියෝජිතයින් විසින් ඒවා භාවිතා කරන බවයි.
අදාළ වෙබ් අඩවිය එම තොරතුරු ලබා ගත්තේ කෙසේද යන්න ද මෙතෙක් පැහැදිලි නොමැති නමුත් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාව විශාල වශයෙන් සයිබර් ප්‍රහාර සඳහා මුහුණ දී තිබේ.
බීබීසී පුවත් සේවය මගින් අදාළ වෙබ් අඩවියේ සඳහන් අංක ඔස්සේ හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා සහ බිල් ක්ලින්ටන් මෙන්ම බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සම්බන්ධ කර ගැනීමට උත්සහ දරා ඇති නමුත් ඒවා නිවැරදි නැතැයි පැවසීය.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ගේ පෞද්ගලික දුරකතන අංකය ද එහි තිබූ බව ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart