
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ මොහොතේ වූවද රට භාර ගැනීමට සූදානම් බවත්, පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවැත්වූ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
‘කැක්කුම Sri Lanka – Mingle with Dilith’ විශේෂ හමුව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී Acacia Campus Theatre ශාලාවේදී ආරම්භ විය.
එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් දිලිත් ජයවීර මෙසේ සඳහන් කළේය.
ප්රශ්නය – මේ අවස්ථාව හම්බුණොත් දෙදහස් විසිනමය වෙනකම්ම ඉන්නේ නැතුව ඔයාට ඔෆර් වුණොත් එහෙම ජනාධිපතිකම වෙන්න පුළුවන්නේ. මේ දවස්වල තියෙන ක්‍රයිසිස් එක. දැන් පටන් අරගෙන තියෙන්නේ. මේක කොහොමද ඔයා ටැකල් කරන්නේ?
“වැඩ පිළිවෙලක් නැතුව වැඩේ භාරගන්න නරකයි. දැන් හැබැයි අපිට දැන් දුන්නොත් දැන් කරනවා. අද දුන්නොත් අද කරලා පෙන්නනවා. ඒක කරන්න. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක මුලට ගියොත් ඒක ඉතාම සරලයි. දැන් තියෙන ප්‍රශ්නේ මේ ඩොලර් එක මත එන පීඩනය අංක එක. ඒක පිළිගන්නට ඕන. මේක තමයි අංක එක. දැන් අපේ ආර්ථිකයට එන පීඩනය මේක. දැන් මේක කළමනාකරණය කරගන්න නම් පළවෙනියටම කරන්න ඕන මොකක්ද මේ අවස්ථාවේදී සැබෑ, අවංක, විශ්වාසවන්ත, දෙබසක් ජනතාව ඒක අරඹන්නට ඕනේ. මොකද අද නැතිවෙලා තියෙන්නේ මේ රටට නායකත්වය ගැන තියෙන විශ්වාසය මිසක් ඩොලර් නෙමෙයි. ගොඩනැගිය යුතු මේ විශ්වාසය ගොඩනගන්නට පුළුවන් පැය ගානක් ඇතුලත සත්‍ය කතා කරලා ජනතාවත් එක්ක සංවාදයකට යන්නට ඕන. දැන් නැවතත් පාරම්බානවා නම් නැවතත් ඩොලර් නැතිවීමට හේතුව වෙන කවුරුහරි කෙනෙක් කියලා කියනවා නම් ඒක ගොඩ දාන්න බැහැ.
ඒක අංක එක. අනිත් එක තමයි ණය හිමියන්ට ඕන විදියකට ව්‍යාපාරයක් පවත්වාගෙන ගියොත් හරියට බැංකුව, බැංකුවට ඕන විදියට අපි ව්‍යාපාරය කරගෙන යනවා වගේ. අපි තේරුම් ගන්නට ඕන අපේ ණය හිමියන් අපිට වඩා අසරණ තත්ත්වයක ඉන්නවා. අපෙන් ණය අය කර ගැනීම එතකොට මේ එක තමයි අපි පාවිච්චි කරලා නැත්තේ. මම අයි. එම්. එෆ්. විරෝධියෙක් නෙමෙයි. නමුත් මම කියන්නේ අයි. එම්. එෆ්. එක මේ ගෙනියන ප්‍රෝග්‍රෑම් එක තුල තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක කරගන්නට තරම් වූ ශක්තියක්, පෞරුෂයක්, දැනීමක් නොමැති වීමෙන් තමයි මේ අද අර්බුදයට ලොකුම හේතුව.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart