July 20, 2026

වර්තමාන විපක්ෂය ඉලක්ක කර ගනිමින් සිවිල් සංවිධානය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ජනමාධ්‍ය හමුවකට එක්වූ මන්ත්‍රීවරයාගෙන් ජනමාධ්‍යවේදියෙකු විමසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ කාර්යයභාරය සිදු කළ යුතුව ඇත්තේ සිවිල් සංවිධාන විසින් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කුමක් පවසන්නේ ද යන්නයි.

ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා ‘කියන්නා කෙසේ කීවද, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව පැවසූ අතර ඇතැම් සිවිල් සංවිධාන එවැනි ප්‍රකාශ සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබා ගැනීමේ අරමුණින් බව ද පැවසුවේය.

ඔවුන් සිදු කළ යුතු වන්නේ විපක්ෂයට සහයෝගය ලබාදීම මිස පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නොවන බව පැවසූ මන්ත්‍රීවරයා වාර්තාකරණයේදී ජනමාධ්‍ය සතුව ද වගකීම් සහගතභාවයක් තිබිය යුතු බව පැවසුවේය.