March 6, 2025

වානහ ආනයන වැඩපිළිවෙළ නිසි පරිදි කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වුවහොත් මෙරට විදේශ සංචිත සඳහා එය සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

වාහන ආනයනයට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේදී රජය මෙරට අපනයන ද වැඩිකිරීම සිදුකළ යුතු බවත්, අනතුරුව මහ බැංකුව ඒ තුළ පවතින ඩොලර් ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව ආණ්ඩුව වෙනුවෙන් එම ඩොලර් ප්‍රමාණය ගත යුතු බවත්, එහිදී මහ බැංකුව ගන්නා ඩොලර් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් රට තුළ තිබේනම් රුපියලට බලපෑමක් එල්ල නොවනු ඇති බවත්, එසේ නොමැතිව ආනයන වියදමට සාපේක්ෂව අපනයන ආදායම ඉහළ නොගිය හොත් එහිදී සිදුවන්නේ ඩොලර් ප්‍රමාණයට වඩා රුපියල් තල්ලු කිරීම බව මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.

එබැවින් පවතින තත්ත්වය අනුව පෙනීයන්නේ ඉදිරියේදී එවැනි ගැටළුවක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළකළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ 40,000 ක් 50,000 ක් පමණ තෘප්තිමත් කිරීම සඳහා රජය ලක්ෂ 220 කගේ අනාගතය අඳුරේ නොහෙළිය යුතු බවයි.