
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පක්ෂයේ ඇතැමුන් තුළ පවතින දරදඬුභාවය එක්සත් ජාතික පක්ෂය අද මුහුණ පා තිබෙන තත්වයට හේතුව බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සියලු දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තරික වශයෙන් ගැටලු පවතින බවයි.
එහෙත් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ මොහොතේ සිදුකළ යුතු වන්නේ එකමුතුව කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව හෝ එලෙස එකමුතු වී කටයුතු කළ යුතු බවයි.
එසේ නොවුනහොත් විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ විනාශ වී යනු ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එම සියලු පක්ෂ රටක් ඉදිරියට ගෙන යා හැකි අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කළ යුතු බව සහ පක්ෂ තුළ සිටිමින් පක්ෂ විනාශ කිරීමට උත්සහ දරන සියලුදෙනා ඉවත් කළ යුතුව ඇතැයි ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart