October 8, 2025

වත්මන් ආණ්ඩුව මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ බොළඳ ප්‍රකාශ සිදු කිරීම වෙනුවට රට දියුණු කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව මෙහෙයවන පිරිස් විපක්ෂයේ සිටියදී එල්ල කළ චෝදනා වර්තමානයේ ඔවුන්ට එල්ල වෙමින් ඇති බවයි.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සඳහා ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේ වත්කම් තිබියදී ඔවුන් එදා ඒ බව සැඟවූයේ ඇයි ද යන්නයි.

ඔවුන් එලෙස වත්කම් උපයා ගෙන ඇත්තේ විවෘත ආර්ථිකයේ ප්‍රතිපලයක් ලෙස බවත්, එක්සත් ජාතික පක්ෂය වශයෙන් ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.