
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පැමිණි හිටපු ඇමැති රවී කරුණානායක අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගි විය.
පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල බවයි.
එය සමස්ත පක්‍ෂයටම ප්‍රශ්නයක් නොව අතළොස්සක් පිරිසකට පමණක් ප්‍රශ්නයක් බවද කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණ කළේය.
එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා නිවැරදි මාවතට යොමු කිරීම තම අවධානය බව ඔහු පෙන්වා දුන්නේය.
තමන් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ වාසියට පක්ෂයට දුක් විඳීමට ඉඩ දිය නොහැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart