
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාගම රෝහල අසලදී පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම රෝහලේ දෙවැනි ගේට්ටුව අසලදී සැකකරු අල්ලස් ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවැසීය.
පොලිස් නිලධාරීන් දෙදෙනකු අල්ලස් ලබාගැනීමට පැමිණ සිටි බවට වාර්තා වී ඇතත්, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමේදී එක් අයකු පළාගොස් තිබේ.
මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් ගොනුකිරීමෙන් වැළකී සිටීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඔවුන් මීට පෙර රුපියල් 20,000ක මූලික මුදලක් ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් 180,000 ලබාගැනීමට පැමිණ ඇත්තේ ඊයේ (9) දහවල් රාගම රෝහල අසලදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වැටලීම සිදුකර එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදීය.
පළාගිය සැකකරු සහ ඊට සම්බන්ධ වෙනත් අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ දිගටම කරගෙන යන බව කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart