
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහු වටා සිටින කිහිපදෙනෙකු හැරුණු කොට ජාතික ජනබලවේගය තුළ පක්ෂයක් ලෙස යාන්ත්‍රණයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන් ඉදිරිපත් කළ දර්ශනය සහ වර්තමාන ක්‍රියාකලාපය අතර විශාල වෙනසක් පවතින බවයි.
නමුත් ජනතාව එම පක්ෂය දෙස බැලුවේ පවසන දේ යථාර්තයක් කළ හැකි පිරිසක් සිටින ස්ථානයක් ලෙස බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ විපක්ෂයේ සිටියදී පවතින සතුට ආණ්ඩු පක්ෂයට පැමිණි පසු නොමැති බව සහ එය විශාල පෙරළියක් බවයි.
ඒ සඳහා ජාතික ජනබලවේගය තුළ එකතුවීමක් සිදුවී නොමැති බව ද රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එම පක්ෂය තුළ සැබෑ දර්ශනයක් ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමක් ද නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart