
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුරවැසියන් වශයෙන් සියලුදෙනා මේ මොහොතේ කල්පනා කළයුතු වන්නේ රට ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ලලිත් ඇතුලත්මුදලි 32 වනවැනි ගුණානුස්මරණයට එක්වෙමින් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, මෙම අවස්ථාවේදී රටට අවශ්‍ය වන්නේ රැකියා සහ අපනයන ආරක්ෂා කරගැනීම බවයි.
එබැවින් ප්‍රකාශ පමණක් සිදුකිරීම නොව රට වෙනුවෙන් කළ හැකි සියලු දේ කිරීම සියලුදෙනාගේ වගකීම බවත්, රට වෙනුවෙන් දෙයක් කිරීමට හැකි බව ඔප්පු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු මෙම අදහස් පළකළේ අමෙරිකානු රජය විසින් පැනවූ ආනයන බදු දින 90 ක කාලයක් සඳහා අත්හිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියෙකු සිදුකළ විමසීමකදීයි.
එමෙන්ම අමෙරිකානු බදු සම්බන්ධ ගැටළුවේදී ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවා සාකච්ඡා කර මේ වනවිට ඒ සම්බන්ධයෙන් කටයුතු සිදුකර ගෙන යන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ආණ්ඩුව ලබාදුන් මැතිවරණ පොරොන්දු සහ ඒවා ඉටුකිරීමට ජනතාවගෙන් තවත් කාලය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියකු එහිදී මන්ත්‍රීවරයාගෙන් විමසීමක් සිදු කළේය.
ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ මැතිවරණ පොරපිටියේ සිදුකරන ප්‍රකාශ සහ වර්තමානයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ආකාර දෙකක් බවයි.
කෙසේවෙතත් සිදුකළ යුතු වන්නේ ජීවත්වීම සඳහා අර්බුධයක යෙදී සිටින ජනතාවගේ ජීවිතය වඩාත් පහසු කිරීම සඳහා කටයුතු කිරීම බව ද ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart