
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්තමාන ආණ්ඩුව සුලු පිරිසක් සතුටු කිරීම වෙනුවෙන් රුපියල බාල්දු කිරීමකට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේද සඳහන් කළේය.
“රුපියල බාල්දු වෙන්න ගත්තම නැවත ඒක තර කරන්න බදු වැඩි කරන්න ගත්තම කෝටි 30ක් රජයේ වියදමට වැඩි වෙනවා. ආර්ථිකය ගෙනියන්න අවශ්‍ය වන්නෙ මුල්‍ය ප්‍රතිපත්ති අනුව. කාර් ගෙන ඒම සම්බන්ධව ගේන්න ඕනි රුපියල බාල්දු නොවන ක්‍රියාවලියක්. ආයෝජකයන් දිරි ගැන්වීම අත්‍යවශ්‍ය කාර්ය භාරයක්. මේ වෙලාවේ ඒක තමයි කරන්න ඕනි. ඉන්දියාව සමග අපි වෙළෙඳාම් කරන්න අවශ්‍යයි.
චිනය, ඇමරිකාව, යුරෝපය, ජපානය මේ රටවල් 5 එකට ගෙනියන එක තමයි විදේශ ප්‍රතිපත්තිය ලෙස කරන්න ඕනි. ජේ.ආර්. කරපු විවෘත ආර්ථිකය ඉදිරියට ගෙන යාමක් තමයි කරන්න ඕනි. අපිට විශ්වාසයක් තියනව අපි ගෙනියන වැඩපිළිවෙළ සාර්ථකයි කියල.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart