May 6, 2025

ඡන්ද විමසීම් අවසන් කර රට ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළකට සියලුදෙනා අවතීර්ණ විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

අද පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එමෙන්ම ඔහු එහිදී පෙන්වාදුන්නේ ජනතාව තුළින් මෙරට තුළ ඉදිරි දැක්මක් සහිත ගමනක් ඇති කළ යුතු බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමෙන්ම අනතුරුව මෑතකාලීන ඡන්ද අවසන් බැවින් ආර්ථිකය මුල් කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව පවතින බව දා මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ රටේ ජනතාවට අදට වඩා හොඳ හෙටක් වෙනුවෙන් මාර්ගයක් විවර කර දිය යුතු බවයි.