
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ අතර තියුණු තරගයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් ද එහිදි අදහස් පළකළේය.
ඔහු පැවසුවේ එම පක්ෂය පවත්වන මැතිවරණ රැළි සඳහා සහභාගී වන ලෙස තමන්ට දැනුම් දී ඇතැයි ප්‍රචාරය කළ ද, එවැනි කිසිඳු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.
පක්ෂය තුළ පවතින එකම අර්බුදය වන්නේ භූතයන් දෙදෙනෙකු ලෙස ක්‍රියාකරන පුද්ගලයන් දෙදෙනකුගේ ක්‍රියාකලාපය බවත්, පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් තමන් වෙත පුද්ගලිකව විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තමන්ට කිසිඳු මැතිවරණ රැලියකට ආරාධනා කර නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය තුළ දෙබිඩි ක්රියාකලාපයක් පවතින බවත්, පාක්ෂිකයින්ගේ ඡන්ද වෙනුවෙන් පක්ෂය වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart