
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ සංවිධානත්වයෙන් පැවැත්වීමට අපේක්ෂා කරන සමුළුව සඳහා සෑම පක්ෂයකටම ආරාධනා කරන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩු පක්ෂයට ද ඒ සඳහා ආරාධනා කරන බවයි.
සමුළුව සඳහා සහභාගී වන්නේ ද? නැතිද යන්න ඔවුන්ගේ තීරණයක් බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සියලුදෙනා එක්ව කටයුතු කිරීම බවයි.
ඒ සඳහා සිදු කළ යුතු වන්නේ අලුතින් සිතීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂ තුළ ද පවතින ප්‍රතිවිරුද්ධ මතවාද බිඳ දැමිය හැකි හොඳම වේදිකාව එය බව ද මන්ත්‍රීවරයා පැවසීය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart