February 12, 2026

මෙරට වෙළඳපලේ රත්‍රං මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ මෙරට රත්‍රං වෙළඳපලේ රන් පවුමක මිල රුපියල් ලක්ෂ 4 කට ආසන්න වී ඇති බවයි.

කෙසේවෙතත් මෙය ලෝක රන් මිලෙහි ශ්‍රී ලංකාවේ සැබෑ පිළිඹිඹුව නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ මෙරට රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් පනවා ඇති ඉහළ බදු ප්‍රතිශතය හේතුවෙන් බවය.

වැට් ඇතුළුව සමස්ථ බදු අගය සියයට 47 ක් පමණ ඉහළ අගයක් වනවිට මෙරට වෙළඳපලේ රන් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.