
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරක කර්මාන්තයේ පවතින ගැටලු සහ විදේශ විනිමය සම්බන්ධයෙන් ස්ථවර නියෝග 27/2 යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
එහිදී ඔහු පැවසුවේ විදේශ විනිමය ගලා ඒමේ දුර්වල තත්වය සහ හෝටල් ඒකක 40,000 ක් ලියාපදිංචි වී නොමැති වීමේ පසුබිමක් තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පවතින නියාමන අසාර්ථකත්වය පිළිබඳ තමන් ආණ්ඩු පක්ෂයෙන් විධිමත් පිළිතුරක් අපේක්ෂා කරන බවයි.
2025 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.36 කට අධිකවුව ද මුළු සංචාරක ආදායම දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.22 ක් දක්වා සුළු වශයෙන් පමණක් ඉහළ ගොස් ඇතැයි මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ මෙරටට පැමිණෙන සංචාරකයෙකුගේ වියදම සියයට 12 කින් පමණ පහත වැටී ඇති බවයි.
එවන් පසුබිමක් තුළ මහ බැංකුවේ සංචිතවලින් පිළිබිඹු වන සංචාරක ක්ෂේත්‍රයේ අදාළ විදේශ විනිමය ගලා ඒම පැමිණීම්වලට සාපේෂව වර්ධනය වී නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart