
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ දීමනා කප්පාදුව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග අළුත් දෙයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, තමන් ද නියෝජනය කළ 2001 දී පැවැති ආණ්ඩුව ද එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි.
එවක ආණ්ඩුවේ නියෝජිතයන් අමාත්‍යවරුන්ගේ වැටුප් හෝ මන්ත්‍රී වැටුප්වලින් එකක් පමණක් ලබාගත් බව ද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
එමෙන්ම 2015 පැවැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව යටතේ ද මන්ත්‍රී වැටුප් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ එවැනි ප්‍රතිපත්තියක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය ගෙන යන ක්‍රියාමාර්ග අගය කරන බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart