December 11, 2025

වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන හරහා සිදුවූ පෞද්ගලික අංශ ණය ප්‍රසාරණයේ සැලකිය යුතු වර්ධනය සහ ප්‍රධාන පාරිභෝගික ණය සම්බන්ධයෙන් පැහැදිලි දත්ත නොමැතිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඉහළ ණය ගැනීම්, කල්බදු, හරපත් හා උකස් ඔස්සේ මිලියන 243 ක් දක්වා ණය ප්‍රසාරණය වී ඇති බවයි.

ඒ අනුව 2022 සිට 2025 දක්වා වාණිජ බැංකු මගින් සිදු කරන ලද පෞද්ගලික අංශ ණය ප්‍රසාරණය කොපමණ ද? ඒ සඳහා වාර්ෂික වර්ධනය රුපියල් සහ ප්‍රතිශතමය වශයෙන් කොපමණ දැයි යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා විමසා සිටියේය.

එමෙන්ම එම අවුරුදු 03 දී බැංකු නොවන මූල්‍ය ආයතන, මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් මගින් ලබා දුන් ණය ප්‍රමාණය කොපමණ ද සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා විමසුවේය.