
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ මොහොතේ රටට වැදගත් වන්නේ ආයෝජන දිරිමත් කර ඒ ඔස්සේ ආයෝජකයන් රටට ගෙන්වාගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, බංකොලොත් තත්වයට ඇදවැටී යළි නැගීසිටීමට උත්සාහ දරන රටකට ආයෝජන අතිශය වැදගත් බවයි.
එමෙන්ම රට ණය බරින් නිදහස්වීමට ඇති හොඳම මාර්ගය අපනයන දියුණු කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකාව සිය අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සහ ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් විසින් ඉකුත් දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී අදහස් පළකළේය.
ඔහු පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බවයි.
සහන ලබාදීමකින් තොරව අපනයන හෝ ආයෝජන දිරිමත් කළ නොහැකි බැවින් එම අරමුදල සමග සාකච්ඡා කර ඊට සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart