
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්දයෙන් සහ පාර්ලිමේන්තු කමිටුවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි රැස්විය.
විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායකද එම රැස්වීමට එක්ව සිටීමයි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට ඒකාබද්ධවීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන බව ප්‍රකාශ වුවද, දෙපාර්ශවයේ සාමාජිකයන් එකට සිටින දර්ශන ඡායාරූප ලෙස හෝ දැකගන්නට ලැබෙන්නේ නැත.
එජාප නියෝජ්‍ය නායකයා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රමුඛ විපක්ෂයේ සාකච්ඡාවකට එක්වන්නේ එවැනි පසුබිමකය.
පසුගිය ජනවාරි 29 වැනි දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් හමුවී මෙවැනිම සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් ලෙස ද හැදින්විය හැකිය.
මේ අවස්ථාව සඳහා ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජීවන් තොන්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී. වී චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart