
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පැනවීම අසාධාරණ ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ යුද්ධය නිමවී සාමය උදාවීම හමුවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියන් ද ඇතුළුව සියලු ජනතාව සතුටින් සිටින බවයි.
එබැවින් යම් පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කර කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බව පෙන්වදුන් මන්ත්‍රීවරයා පැවසුවේ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ නම් ඒවා සාක්ෂි සහිතව ඔප්පු වන තෙක් පියවර නොගත යුතු බවයි.
පුද්ගලයින් කිහිපදෙනෙකු ඉලක්ක කර විදේශ රටවලින් පනවනු ලබන එවැනි සම්බාධක හේතුවෙන් සිදුවන්නේ රට තුළ අනවශ්‍ය ගැටළු නිර්මාණය වන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් රටක් වශයෙන් පියවර ගත යුතු බවත්, රට තුළ පවතින ගැටළු ජාත්‍යන්තරය වෙත රැගෙන නොයා යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart