
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටට අවශ්‍ය වන්නේ සංවර්ධනයක් ඇති කළ හැකි මහ බැංකුවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ”අපිට අවශ්‍ය වන්නේ රටේ තරුණයින් ව්‍යවසායකයින් කිරීමට හැකි වීමයි, අපිට අවශ්‍ය වන්නේ මේ රට ලෝකෙට බද්ද කිරීමට හැකි පාලනයක්. ඉතිං මේක හුදෙකලා වී ගමන් කරලා මේ රට උද්ධමනය පාලනය කරන්න ගිහිල්ලා රටේ ආර්ථිකය නැති කරන්න ඉඩදෙන්න බැහැ.” යනුවෙනි.
රට තුළ නැවත අරගලයක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් එහිදී ජනමාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.
එහිදී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
”මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා. එහෙම ඇති වෙන්න අවශ්‍යතාවක් නැහැ. අපි දැන් මේක කාලා ඇති. රටක් පිරිහීමෙන් තෘප්තියක් ලබා ගන්න එක නෙමෙයි අවශ්‍ය වන්නේ. ජනතාවට ඇහුම්කන් දීලා මේක ඉදිරියේදී බොරු පොරොන්දුවලට රැවටෙන්නේ නැතුව කියන දේ අමිහිරි වුනත්, වැඩ කරන දක්ෂයන්ට අවස්ථාව දීලා කටයුතු කිරීමයි වැදගත්.”
විශ්ව විද්‍යාල අරගලකරුවන් බැසිල් රාජපක්ෂගේ බව පැවසෙන නිවසක් අල්ලා ගැනීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ද ජනමාධ්‍යවේදීන් එහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.
”මේකෙ නීතිය අනුව මේක රජයට පවරා ගත්තයි කියලා ප්‍රකාශ වුනා ජනමාධ්‍ය තුළින්. එහෙනම් ගිහිල්ලා නැවත ගන්න තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ අවනීතියක් බවට පත්වෙනවා. මං හිතන්නේ මේ සිස්ටම් චේන්ජ් එකකට ඇවිල්ලා සිස්ටම් මේන්ටේන් කරන එකක් නෙමෙයි කරන්න ඕනේ. අපි ලොකු ආකල්පමය වෙනසක් ඇති කරන්න අවශ්‍යයි.”
ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනයක් ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් කළ විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ රටට වැඩ කිරීමට එක් එක් පුද්ගලයින් අහුලා ගැනීම නොව, සිදු කළ යුතු වන්නේ දක්ෂයින් ඒකරාශී කර ගනිමින් කටයුතු කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart